අ.පො.ස. ( උසස් පෙළ ) පංතියට ඇතුළත්වීම සඳහා අයදුම්පත්‍රය පිරවීමේදී ඔබ සළකා බැලිය යුතු කරුණු

  1. අයදුම්පත්‍රය හොඳින් කියවන්න.
  2. සිසු/ සිසුවියන් හැදැරීමට බලාපොරොත්තුවන විෂය ධාරාව පැහැදිලිව සඳහන් කරන්න.
  3. අයදුම්පත්‍රයේ සඳහන් උපදෙස් පරිදි විෂයය සංකලනය සකස් කරගන්න.
  4. පාසලේ ඉගෙනුම ලබන සිසුන් 2024.10.10 දින ප.ව. 12:00ට පෙර විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසළ මුරකුටියට සම්පූර්ණ කරන ලද අයදුම්පත් බාරදී, තම නම සහ අත්සන එම ස්ථානයේ ඇති ලේඛනයේ සටහන් කරන්න.
  5. පාසලෙන් පරිබාහිර සිසුන් අයදුම්පත් පුරවා 2024.10.10 දින ප.ව. 12.00ට පෙර විදුහල්පති, සිරිධම්ම විද්‍යාලය, ලබුදූව, ගාල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑල ඔස්සේ විද්‍යාලයට ලැබීමට සලස්වන්න. ලියුම් කවරයේ ඉහල වම් කෙළවරෙහි ඉල්ලුම් කරන අංශය සඳහන් කරන්න.